You are here: OUSL / Faculty of Humanities and Social Sciences / Dept. of Social Studies
තරුණ කටයුතු හා සංවර්ධනය සවිබල ගැන්වීම උදෙසා ශ්‍රී ලංකා ව්වෘත විශ්වවිද්‍යාලය, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය හා පොදුරාජ්‍ය මණ්ඩලය සමග එක්ව නව අධ්‍යන පාඨමාලාවක් ලෙස “තරුණයන් සමග සිදු කරනු ලබන මානව කේන්ද්‍රීය නිර්මාණය පිළිබද කෙටි කාලීන පාඨමාලාව” හඳුන්වා දී ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව වෙනුවෙන් සහ තරුණ ප්‍රජාව සමග ක්‍රියා කරන රාජ්‍ය, පෞද්ගලික අංශ සහ රාජ්‍ය නොවන සංවිධාන වෘත්තිකයන් හට පුහුණුවක් ලබා දීම අපේක්ෂා කරයි. තරුණ ප්‍රජාව මුහුණ දෙන ගැටළු තරුණ ප්‍රජාවගේම සෘජු මැදිහත් වීමක් සහිතව අදාළ වෘත්තිකයන්ට සාධනීය විසදුම් සෙවීමට මේ හරහා මංපෙත් විවර කරයි.
HCDYP Brochure වැඩසටහන් කේතය :
වැඩසටහන් කාණ්ඩය : කෙටි කාලීන පාඨමාලා
මෙහෙයවීම : සමාජ අධ්‍යයන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, තැ.පෙ. 21, නාවල, නුගේගොඩ.
වැඩසටහන් කාලය : මාස 03
මාධ්‍යය : සිංහල
වයස අවුරුදු 18 ට වැඩි සහ සාමාන්‍ය පෙළ සුදුසුකම් ඇති අය. (අවම සුදුසුකම්)
ලබා දී ඇති සබැඳියෙන් බැංකු ගෙවීමේ වවුචරය (Bank paying voucher) බාගත කර ගත යුතුය.
පාඨමාලා ගාස්තුව, ලංකා බැංකුවේ (Bank of Ceylon – BOC) ඕනෑම ශාඛාවකට, ගිණුම් අංක 7417821 වෙත ගෙවන්න.
පහත සඳහන් ලේඛන ලියාපදිංචි තැපෑලෙන් (Registered Post) යොමු කරන්න:
ගෙවීම් කළ බැංකු ගෙවීමේ වවුචරය (මුල් පිටපත – Original slip) සහ
ජාතික හැඳුනුම්පතේ (N.I.C.) සහතික කළ පිටපතක් (Certified copy)
යොමු කළ යුතු ලිපිනය: “Assistant Director, Colombo Regional Centre (CRC), The Open University of Sri Lanka, Nawala Nugegoda” (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ අයදුම් කළ පාඨමාලාව පැහැදිලිව සඳහන් කළ යුතුය)
ඊට අමතරව, ඉහත සඳහන් ලේඛනවල මෘදු පිටපත් (soft copies) crcsc@ou.ac.lk වෙත විද්‍යුත් තැපෑලෙන් (email) එවිය යුතුය.|
බැංකු ගෙවීමේ වවුචරය ![]()
(කරුණාකර ලියාපදිංචි අංකය වෙනුවට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ලියන්න)
සටහන: ඔබ ඔන්ලයින් ගනුදෙනුවක් (online transaction) සිදු කරන්නේ නම්, කරුණාකර බැංකුවෙන් පහත සඳහන් තොරතුරු ඇතුළත් වලංගු කුවිතාන්සියක් (valid receipt) යොමු කරන්න.
පාඨමාලා ගාස්තුව : රු. 15,000/=
තරුණයන් සමග එක්ව විසදුම් නිර්මාණය
“තරුණයන් සඳහා නොව තරුණයන් සමග” විසඳුම් නිර්මාණය කරන්නේ කෙසේදැයි කවදා හෝ ඔබ කල්පනා කර තිබේද? තරුණයන් සමග සිදු කරනු ලබන මානව කේන්ද්‍රීය නිර්මාණය පිළිබද කෙටි කාලීන පාඨමාලාව යනු, තරුණයන්ට සැබවින්ම සවන් දෙන තරුණයන් සමග සහයෝගයෙන් කටයුතු කරන, නවෝත්පාදනයට මංපෙත් විවර කරන තරුණ සමාජය පිලිබඳ වෘත්තිකයෙකු වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන වැඩසටහනකි. සහකම්පනයෙන් යුතුව වඩාත් හොඳ සවන් දෙන්නෙකු ලෙස නව අදහස් හා යෝජනා පාදක කර ගනිමින් තරුණ ප්‍රජාවගේ ගැටළු සඳහා විසදුම් ලබාදෙන වෘත්තිමය පුහුණු වැඩසටහනක් ලෙස මෙම පාඨමාලාව ස්ථාපනය කොට ඇත. පාසල, විශ්වවිද්‍යාලය, නිවස, ප්‍රජාව හෝ ආයතන වල තරුණයන් සමග එක්ව වෙනසක් නිර්මාණය කිරීම සඳහා ඔබට මේ හරහා දැනුම සහ කුසලතා ලබා දෙනු ඇත. අප හා එක්වන්න, තරුණයන් සඳහා නොව තරුණයන් සමග එක්ව නිර්මාණය කරන අනාගතයක් හැඩගැස්වීම ආරම්භ කරන්න!
Address: Department of Social Studies, Faculty of Humanities and Social Sciences, The Open University of Sri Lanka, Nawala, Nugegoda.
Contact: Hotline: 0112881034 / 0112881300 / 0764769519 / 0701235769
Dr Shantha Abesinghe – 0779635556
Email : hcdyd@ousl.lk / knnja@ou.ac.lk / imdis@ou.ac.lk